මෙරට වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ.
අද (30) දිනයේ දී මෙම පත් කිරීම සිදු කර ඇති අතර නිත්‍ය නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා විදෙස්ගත වීම හේතුවෙන් මෙලෙස වැඩබලන නීතිපතිවරයෙකු පත් කළ බව සඳහන්.
ඒ අනුව මැයි මාසය අවසන් වන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් කටයුතු කරනු ඇති.