රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
රුසියානු තානාපති කාර්යාලය අසල තබා ගිය ලැප්ටොප් පරිගණකයේ මුර පදය පොලිසියට ලබාදීම අදාළ සැකකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර එම තරුණිය චීනයට පළායෑමේ උත්සහයක් සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී තිබුණි.