/ Jul 27, 2025

තොරතුරු පණත යටතේ කාර්යමණ්ඩල තොරතුරු නොදීම: ජනාධිපති කාර්යාලයට නොතීසි

Presidential Office

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත යටතේ ජනාධිති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු නියමිත කාලය තුල ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තොරතුරු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කාර්යාලයට නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මහජන මුදලින් වැටුප් ලබන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හා චම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබා දෙන වැටුප්, දීමනා සහ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති RTIC/Appeal/405/2025 දරන අභියාචනයට අදාළවයි, මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

තොරතුරු ඉල්ලා මාස දෙකක කාලයක් ඉක්ම ගියත් තොරතුරු ලබා දී නැති බවයි පැවසෙන්නේ. ඉල්ලා සිටි තොරතුරු ලෙස වත්මන් ජනපතිවරයාගේ කාර්යමණ්ඩලය ලෙස කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සේවයට බඳවාගෙන හෝ සේවයේ යොදවා තිබේද? එසේ බඳවාගෙන ඇත්නම් ඒ කවර තනතුරු සඳහාද? ඔවුන්ගේ වැටුප් සහ දීමනා වෙනුවෙන් මසකට වැයවන මුදල? ලබා දී ඇති වාහන සංඛ්‍යාව සහ වර්ගය ආදී තොරතුරු මෙසේ ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මෙයට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනපතිවරුන් මෙම තොරතුරු ලබා දී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top