/ Jun 30, 2026

දේශබන්දුගේ විරෝධතා විසිවේ

විෂමාචාර සහ ධුරයේ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඊයේ (19) දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙනී සිට තිබේ.

ඔහුගේ නීතිඥවරයාද එම කමිටුව හමුවේ පෙනී සිටි අතර පොලිස්පතිවරයාගේ මූලික විරෝධතා එම කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පළමුව කමිටුව විසින් චෝදනා 23ක් සහිත චෝදනා පත්‍රය පොලිස්පතිවරයා වෙත භාර දුන් අතර එයට මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් විය. මෙයට කමිටුවේ නීතිපති දෙපාර්තමේන්තු නියෝජනය වූ දිලීප අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා සිය විරෝධතාව පළ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top