පසුගිය දිනවල පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු, නවමු සභිකයන් සමඟ කොළඹ මහනගර සභාව ජූනි මස 16 දා රැස්වීමට නියමිත බවට අදාළ ගැසට් නිවේදනය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නිකුත් කර ඇත.
මෙම රැස්වීමේ පළමු කාර්යය නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කර ගැනීමයි.
පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාව සඳහා කිසිදු පක්ෂයකට බහුතර බලය නොලැබුණු අතර වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත්තේ ජාතික ජනබලවේගය පක්ෂයයි. කෙසේ වෙතත් එම පක්ෂය සහ සමගි ජනබලවේගය යන පක්ෂ දෙකම තමන් නගරාධිපතිවරයා පත් කරන බව පවසා ඇති අතර බහුතරය දිනාගැනීමට බොහෝ වෙහෙසන බව වාර්තා විය.
කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සහ බලය සම්බන්ධයෙන් මුළු රටම බලා ඉන්නේ විමසිලිමවත්ව ය.