/ Jun 08, 2025

සුව වැඩවැරුම දික් ගැහේ : ඇමැති දරදඬු තීරණයක

Health strike continues

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තීය ඒකාබද්ධ බලමණ්ඩලය ඊයේ (5) ආරම්භ කළ වැඩවර්ජනය අදද ක්‍රියාත්මක වේ.

සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කාරණා මුල්කරගනිමින් ඇරඹූ මෙම වර්ජනය පසුගිය 27 වැනි දා ද පැවැත්වුණු අතර විසඳුමකින් තොරව අවසන් විය.

පිළිකා රෝහල, ළමා සහ මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, රෝහල්වල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කෙරන අතර මධ්‍යම ලේ බැංකුවද වර්ජනයෙන් මුක්ත කර තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ වර්ජනය සම්බන්ධයෙන් දරදඬු ආකල්පයක සිටින බව වාර්තා වේ. ඔහු පවසන්නේ මෙය දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවයි. ඇමැතිවරයා මෙසේ පැවසුවේ ය.

“මේක තනිකරම දේශපාලන අරමුණ වෙනුවෙන් කරන වැඩක්.  හැමදාම මේක සෙල්ලමක් කරගෙන අපේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්න හිතාගෙන වැඩ කරනවා නම්, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් නෑ. 

මේක සෙල්ලමක් නෙමෙයි. සතිකයට දෙකකට හැමදාම පැය 24, පැය 48 වර්ජන පටන් අරගෙන. මේකට මූණදෙන්න අපි ලෑස්තියි. කරුණාකරලා වැඩට එන්න. වැඩට ආවට පස්සෙ සාකච්ඡාවට සූදානම්”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top