ආණ්ඩුව බලයට පත් වී මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොළඹ අමාත්‍ය නිල නිවෙස් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන හෝ සැලසුමක් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.
එනිසාවෙන් එම නිල නිවාස බොහොමයක් වල් වැදී විනාශ වෙමින් තිබෙන බවද දැනගන්නට තිබේ. පසුගිය කාලයේ වාර්තා වූයේ එම නිල නිවාස කුලියට ගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයන් රැසක් සූදානමින් සිටි බවයි.
තානාපති කාර්යාල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුව සිටි බව වාර්තා විය. කොළඹ පමණක් මෙවැනි නිල නිවාස 35ක් තිබේ.
සෑම නිල නිවාසයක්ම පාහේ විශාල ඉඩකඩක් සහිතව පිහිටා තිබීම නිසා, ඒවා නඩත්තුව පහසු නොවන බවයි පැවසෙන්නේ.