මිලි මීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් අද (15) දිවයිනේ සමහර පෙදෙස්වලට වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලයි ඒ.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයකි.
ඌව පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ සවස් භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.