/ Jun 19, 2025

ඉෂාරා සෙව්වන්දි ගැන ලියූ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කෙරේ

කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට නියෝග කර තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දි රටින් පිටව ගොස් ඇති බවට පළ කර ඇති පුවත්පත් ලිපියක් සමබන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද වාර්තාවකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකාරිය රහසිගතව ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට උක්ත ලිපියේ කරුණු දක්වා තිබුණි.

ගණේමුල්ල සංජීවට වෙඩි තැබීමට භාවිතා කළ ආයුධය සැපයූ බව කියන ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top