/ Jun 19, 2025

ගුටි කෑ නාගරික මන්ත්‍රිනිය තවමත් රෝහලේ ; සජිත් සුවදුක් බලන්න ගිහින්

පහරකෑමට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණි.

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව පැවති උත්සවයක් අතරතුර දී මාලිමාවේ පාර්ශ්විකයන් පිරිසක් තමාට පහරදුන් බවට ඇය චෝදනා කරයි.

පහරකෑම නිසා තුවාල ලැබූ නාගරික මන්ත්‍රීවරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top