මහව-දියබැටේ ප්‍රදේශයේ මෝටර් රියක් තුළ තිබී පිළිස්සුණු පුද්ගල මළසිරුරක් හමුව තිබේ. කුරුණෑගල මිල්ලෑව පෙදෙසේ 49 වියැති හෝටල් හිමි ව්‍යාපාරියෙකු මෙලෙස මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුගිය 25 වැනි දා ඔහු කොණ්ඩය කැපීම පිණිස නිවසින් පිටව ඇති අතර යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත.
කෙසේ වෙතත්, මෙම මරණය ඝාතනයක්ද සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.