/ Jun 28, 2025

හිටපු ඇමැති රාජිත නුදුරේදීම අත්අඩංගුවට!

Former Minister Rajitha to be arrested soon!

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන තොරතුරු වාර්තා වේ. ඒ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (27) දින අධිකරණයට දන්වනු ලැබී ය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමක් වෙත ලබා දී රජයට පාඩුවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී කොමිසම මෙම කරුණු දක්වා සිටියේ ය. මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකර ඇති බවයි කොමිසම පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top