/ Jun 28, 2025

ශෝකජනක මරණ කිහිපයක්

Several tragic deaths

දිවයින පුරා ස්ථාන කිහිපයකින් මරණ වාර්තා වී තිබේ.

නිවසේදී විදුලිසැර වැදීම නිසා 8 හැවිරිදි දරුවෙකු මරුමුවට පත්ව ඇත. මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාවේ නිවැසි දරුවෙකි.

දරුවා වතුර හීටරයකින් වතුර උණු කිරීමට ගොස් විදුලි සැර වැදී තිබේ.

ඒ අතර දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 4ක් මිය ගොස් තිබේ.

ඊයේ (27) උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල, කටුපොත මාර්ගයේ සියඹලාකොටුව ප්‍රදේශයේදී පැදිකරුට පාලනය කරගත නොහැකි වූ යතුරු පැදියක් පෙරළී ගොස් සිදුවුණ අනතුරෙන් ඔහු මිය ගොස් ඇති අතර හේ පන්විල පදිංචි 19 වියැති තරුණයෙකි.

මීටියාගොඩ කහව මාර්ගයේදීද යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී 28 වියැති අයෙකු මරුමුවට පත්ව තිබේ.

ඒ අතර කොළඹ මහනුවර මාර්ගයේ මාහේන පෙදෙසේදී යතුරුපැදියක් පදික කාන්තාවකගේ ඇඟේ හැපී සිදුවුණ අනතුරෙන් 72 වියැති අය මිය ගොස් ඇත.

පොතුවිල් මාර්ගයේද අද (28) යතුරුපැදියක් අනතුරට ලක්ව තිරුක්කෝවිල් පදිංචි 30 වියේ අයෙකු මිය ගොස් ඇත.

ඒ අතර පිළියන්ද පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක නිවැසි 30 වියැති කතක් අභිරහස් ලෙස මිය ගොස් ඇත.

පොලිස් විමර්ශන අනුව ඇය රත්නපුර පදිංචිකාරියක බව අනාවරණය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top