හිටපු අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාලද සිල්වාට අයත් බොරැල්ල ඇල්විටිගල මාවතේ දෙමහල් නිවසේ විදුලි සෝපානයේ සිදුවූ අනතුරකින් ඔහුගේ නිවසේ ගෘහ සේවිකාව මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ කාන්තාව ග්‍රෑන්ඩ්පාස් පදිංචි 68 වියැති අයෙකි. ඇය සෝදා පිරිසිදු කළ ඇඳුම් වගයක් රැගෙන බිම්මහලේ සිට පළමු මහලට යෑමට විදුලි සෝපානය භාවිත කරද්දී, ඇගේ හිස සෝපානයෙන් පිටතට යොමුව ඇතැයි කියැවේ. එහිදී ඇගේ හිස කොන්ක්‍රීට් කොටසේ සහ සෝපාන දොර අතර සිරව බරපතළ තුවාල සිදුව ඇත.
රෝහල්ගත කළද ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව සඳහන්. බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.