/ Jul 03, 2025

Breaking: යෝෂිතට සහ ඩේසි ආච්චිට යළිත් අධිචෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා භාර දී ඇති බව සඳහන්.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top