/ Jul 03, 2025

හොරට හැදූ වාහන විකුණා කෝටි 12ක් ගැරූ හිටපු ඇමැතිට වැඩ වරදී!

නීතිවිරෝධී අන්දමින් එකලස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමෙන් යුත් වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන බස්නාහිර පළාතේ ප්‍රබල හිටපු ඇමැතිවරයෙකු නුදුරේදීම අත්අඩංගුවට පත් වෙන බව වාර්තා වේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් විමර්ශන අරඹා ඇති අතර මෙම වාහන අතර අතිසුඛෝපභෝගී ජීප්රථ 6ක්ද ඇතුළත් වෙතැයි හෙළිව තිබේ.

මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ හිටපු ඇමැතිගේ ගෝලයන් කිහිප දෙනෙක්ද, මෙම රථ නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

අමාත්‍ය ධුරය දරණ සමයේ දේශපාලන බලය යොදාගෙන ජීප් රථ අමතර කොටස් හොර රහසේ ගෙන්වා එකලස් කර නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කරගෙන පසුව විකුණා ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top