/ Jul 06, 2025

නීලකාස හොරකමක් කරන්න ගිය මුදල් භාරකරු අතේ මාට්ටු

දෛනිකව එකතු වන මුදල් ආයතනවලට ගෙන ගොස් භාර දෙන ආයතනයක මුදල් භාරකරුවෙක් සිදුකිරීමට ගිය දැවැන්ත මුදල් වංචාවක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම මුදල් භාරකරු කටාන පොලිසියට පැමිණිලි කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිය භාරයේ ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් කොල්ල කා පලා ගිය බවටයි.

පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී එවැන්නක් නිරීක්ෂණය වී නැති අතර මෙම පැමිණිලාකර මුදල් අයකැමිවරයා තවත් මෝටර් රථයක අයෙකු සමඟ සාකච්ඡාවක නිරතව සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

පසුව හෙළිව ඇත්තේ මේ දෙදෙනා ඥාති සොයුරන් බවයි. සැක පිට මේ අය අත්අඩංගුවට ගත් පොලිසිය පසුව අනාවරණය කරගෙන ඇත්තේ, මුදල් ලබා ගැනීමේ සැලසුම මත මේ දෙදෙනා විසින් මෙම ව්‍යාජ පැමිණිල්ල කර ඇති බවයි. පැහැරගත් බව කියූ මුදල් ද ඥාති සොයුරාගේ නිවසේ සඟවා තිබී සොයාගෙන තිබේ.

සැකකරුවන් සම්බන්ධ ඉදිරි නෛතික කටයුතු ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top