ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද ඔත්තුවක් මත, මාලිගාවත්ත නිවසක් වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා, පොලිස්පති විශේෂ මෙහෙයුම් රථවාහන මූලස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.