ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු සහ හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්ගේ ළඟම හිතවතුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
දේශපාලන බලහත්කාරයෙන් අනවසරයෙන් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් මායිම්අතර තිබෙන හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ අන්නාසිගල නම් රජයේ ඉඩම භුක්ති විඳීමේ චෝදනාවට රජිත කීර්තිගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වූ භාරත අනුර කුමාර සහ තුෂාණී මුණසිංහ, ප්‍රියන්ත කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රජයේ ඉඩම බලහත්කාරයෙන් භුක්ති විඳීම සම්බන්ධයෙන් පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර අත්අඩංගුවට ගත් පිරිස හෙට (07) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
හිටපු ජනපති උපදේශක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ දැයි මෙතෙක් අනාවරණය වී නැත.