එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් සමඟ මිතුරු දම් බිඳුණු බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් දියත් කරන බව වාර්තා වේ.
ඇමෙරිකා පක්ෂය නම් එය සාම්ප්‍රදායික ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පක්ෂවල ද්විපක්ෂ දේශපාලනයට අභියෝගයක් කිරීමට මෙහෙයවන බව බිලියනපතියා පවසයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද භූමියෙන් පිටත උපත ලැබූවෙකු වන මස්ක්ට එරට ව්‍යවස්ථාව අනුව ජනපති ධුරයට තරඟ වැදෙනු නොහැකි වේ. මස්ක් දකුණු අප්‍රිකාවේ උපත ලැබ පසුව කැනඩාවට සංක්‍රමණය වූවෙකි. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර පසුව බිඳී ගියේ ය.