/ Jul 08, 2025

මූල්‍ය වංචාවකට සැක හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණ නියෝගයක්!

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග අද (08) සැකකරුට ඇප නියම කළාය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියම කළේ.

තවද සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හෝ මේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මෙම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළේය.

ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා කිරිමට නියම කළ අතර නඩුව නොවැම්බර් මස 14 වැනිදා යළි කැඳවන ලෙස නියම කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top