/ Jan 23, 2026

හරක් කටාගේ බිරිඳත් පද්මේ එක්ක මැලේසියාවේ දී කොටුවෙයි

මැලේසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ බිරිඳ ද සිටින බවයි එම වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මැලේසියාව විසින් මෙරට ආරක්ෂක අංශ වෙත තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලාවිත් තිබුණා.

ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top