ජාත්‍යන්තරයේ හැසිරීම කල්වේලා ඇතිව අවබෝධ කරගත හැකි නායකයන් මේ මොහොතේ රටට අවශ්‍යව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ඇමරිකාව මෙරටට පැනවූ බද්ද 44% සිට 30% දක්වා අඩු කරගෙන ඇතැයි බොහෝ අය කරන කතා ගැන ලැජ්ජා විය යුතු බවද ඔහු කියා සිටී. මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා පෙර දැක තිබූ බවත් ඒ ගමන කඩාකප්පල් කර දැමූ බවත් කී සභාපතිවරයා, ප්‍රශ්න විසඳිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙදර යවා ජනතාව අද දුක් විඳින බවද පැවසුවේ ය.
යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේවරක්ෂිත විහාරයේ ඇසල කලාපය විවෘත කිරීමට සහභාගි වෙමින් වජිර අබේවර්ධන මේ අදහස් පළ කළේ ය.