/ Jul 12, 2025

හිටපු ඇමැති රාජිත අල්ලන්න නියෝග!

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියන් සමාගමකට ලබා දී රජයට පාඩු කළ බව කියන නඩුවට අදාළව හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (11) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බාධාවක් නැති බවයි. ධීවර වරයා නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ වැලි කැණීමේ ව්‍යාපෘතිය කොරියානු පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් රජයට ලක්ෂ 263කට අධික අලාභයක් සිදු කළ බවටයි චෝදනා නගා ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top