වසරේ ගතවූ මෙම මාස 6ක පමණ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 66ක් පමණ සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අතරින් සංවිධානාත්මක කල්ලි වෙඩි තැබීම් 48ක් සිදුව ඇති අතර බොහොමයක් සිදුවීම් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීම් හා සම්බන්ධ ඒවා බව පැවසේ.
මෙම වෙඩිතැබීම්වලින් 37 දෙනෙකු මියගොස් තවත් 37 ක් තුවාළ ලබා ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මත් ජාවාරමට සම්බන්ධ කල්ලි අතර ගැටුම් නිසා බොහොමයක් වෙඩි හුවමාරු සිදුවන අතර පළමු වතාවට රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පොලිස් වසමෙන්ද සිදුවීමක් පසුගිය දා වාර්තා විය. පානදුර සහ හිර පොලිස් වසම්වලත් ගෙවී ගිය මාස දෙකහමාරක කාලය තුළ වෙඩි තැබීම් 5ක් සිදුව ඇති අතර කුඩු සලිඳු සහ පානදුර නිලංග යන මත් ජාවාරම්කරුවන් අතර ගැටුමක් මෙයට හේතුව බව පැවසේ.