/ Sep 17, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම් චෝදනාව යළි එළියට!

18 වියැති තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එකී මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට තැත් දැරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව පවරා තිබු නඩුවක් අධිචෝදනා පත්‍රය බලරහිත නරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබු විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් 03 වැනි දින එම පෙත්සම කැඳවීමට නියමිත ය.

වගඋත්තරකාර හිටපු ඇමැති රෝගීව ඇවිදීමට පවා නොහැකි තත්වයක පසුවන බව ඔහුගේ නීතිඥවරයා කියා සිටි අතර එම පෙත්සමේ කරුණු තහවුරු කිරීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය.

මින් වසර 26කට පමණ ඉහතදී මාතලේ දඹුල්ගමුව ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව මහනුවර මහාධිකරණයේ පවරා තිබු නඩුවට එරෙහිව ඔවු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැණි බව දක්වා එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත්තේ 2020 වසරේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top