/ Sep 17, 2025

සිහින කුමරුගේ පැමිණීම ගැන දුක්බර පණිවිඩයක්!

බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන්, City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවනු ඇති බව ඔහුගේ ඒජන්සිය වන Wizcraft නිවේදනය කර තිබේ.

City of Dreams Sri Lanka උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතව සිටි ඛාන්, ශ්‍රී ලාංකික මහජනතාවට සහ උත්සව සංවිධායකයින්ට සිය කෘතඥතාව පළ කරමින් සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව පළ කර තිබේ.

ඔහු නොපැමිණියද, City of Dreams Sri Lanka ආරම්භය දේශීය හා ජාත්‍යන්තර අංග ඇතුළත් ප්‍රධාන උත්සවයක් ලෙස පැවැත්වෙන බව සංවිධායකයින් තහවුරු කළ අතර, වැඩිදුර තොරතුරු ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top