සබරගමුව සරසවියේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවෙකු නවක වදයට ලක්ව දිවි නසාගැනීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස මෙම පෙත්සම ගොනු කර ඇති අතර ඊයේ (19) කැඳවූ අවස්ථාවේ මේ බව දැනුම් දුන් අතර පෙත්සම් යළි අගෝස්තු 29 දා කැඳවන ලෙස නියෝග කෙරුණි. එසේම දිවි නසාගත් සිසුවාගේ මව්පියන් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්ද යළි නොතීසි නිකුත් කරනු ලැබීය.
ගම්පොල පදිංචි 22 වියැති චරිත් දිල්ෂාන් සිසුවා, පසුගිය අප්‍රේල් මස 29 දින සිය දිවි නසාගත් අතර ඔහුට එල්ල කෙරුණු අමානුෂික නවක වදය මෙයට හේතු වූ බව පැවසිණ.