හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය කටයුතු කළහොත් තමන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම සංගමය පවසන්නේ කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැනටත් තීරණයක් ගෙන ඇති බවයි. මෙය අන්ත අසාධාරණයක් බව පවසන එම සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පවසන්නේ, බෙහෙත් ටික මිලට ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලා ඉන්නා වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙයින් මහත් කරදරයකට පත්වන බවයි.
මෙම තීරණය නැවත සලකා බලන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.