/ Jul 23, 2025

රු. ලක්ෂ 8830ක් රජයට පාඩු කිරීම: සජින් වාස් නිදොස් වූ නඩුව යළි කැඳවේ

මිහින් ලංකා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් ලක්ෂ 8830ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අදාළ නඩුවේ එකී තීන්දුව බලරහිත කර එම නඩුව යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෙර තීන්දුව ලබා දී තිබුණේ කොළඹ මහාධිකරණයෙනි. එම තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

2007 වසරේ ජූනි මස 27 වන දා සහ 2008 වසරේ මැයි මස 29 වනදා අතර කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් රජයේ ටෙන්ඩර් පටිපාටියට පටහැණිව පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු තුළින් රජයට  පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බලා කොළඹ මහාධිකරණය එකී තීන්දුව ලබා දෙනු ලැබීය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top