/ Jan 24, 2026

අල්ලස් කොමිසමේ ගැටේ හිරවූ පොලිස් ලොක්කා!

ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අල්ලස් ලබා ගැනිමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථානාධිපතිවරයා රුපියල් 40000ක මුදලක් වැලි ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීමට උපකාර වෙනුවෙන් ඉල්ලා ඇති අතර ඔහු ගැන ලැබුණු තොරතුරු මත මෙම ඉල්ලීම කර තිබුණේ අල්ලස් කොමිසමේ නිලධාරියෙකු විසිනි.

පොලිස් ස්ථානාධිපතිවරයා සැලසුම් කර තිබී ඇත්තේ, තමන් 29 දින සවස ශාරීරික අභ්‍යාසයේ යෙදෙමින් සිටියදී අදාළ අල්ලස ලබා ගැනීමටයි. කෙසේ වෙතත් ඒ් අවස්ථාවේදීම නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top