මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තාවෙයි.
ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ 32 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




