/ Mar 22, 2025

පාතාල ක්‍රියා ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

bar association

පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සහ උසාවියේදි වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරක ඇත.

නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි එහි සඳහන් වන්නේ.

මෙය රටේ නීතියේ ආධිපත්‍යයට දැඩි තර්ජනයක් වන බවද අදාළ නිවේදනය මඟින් නීතීඥ සංගමය පෙන්වා දෙයි.

“නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බැවින්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, එනම් පොලිසිය සහ බන්ධනාගාර අධිකාරීන්, ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම සහ මෙවන් සිදුවීම් වැළැක්වීම සඳහා උපරිම වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් එහි සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top