/ Aug 27, 2026

22ට සහය දක්වමින් අධිකරණයට පෙත්සමක්!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

එලෙස පෙත්සමක් ගොණු කර ඇත්තේ පාල්රිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසිනි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ වීම සිදුවන අතර ඊට අධිකරණ ක්ෂේත්‍රයේ ඇතැමුන් ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධය දක්වමින් තිබේ.

ඒ අනුව නිපුනආරච්චි මහතා සිය පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බවත් එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්ය.

22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සකට වැඩි ප්‍රමාණයක් ගොනුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top