/ Mar 24, 2026

රජයේ ආයතනවල බලශක්ති අරපිරිමැස්මට වැඩපිළිවෙලක් – නි. ඇමතිගෙනුත් ඉල්ලීමක්!

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර ඇත.

මේ අතර මීට පෙරත් විදුලි කප්පාදුවලට මෙරට ජනතාව මුහුණ දී ඇති හෙයින් ඒ කාලසීමාවේදී භාවිතා කළ උපකරණම යළි භාවිතා කරමින් විදුලි පද්ධතිය කාර්යබහුලම වන කාලසීමාව තුළ විදුලි පරිභෝජනය අඩුකරන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඉල්ලා සිටියි.

“අපිට පුළුවන් නම් හවස 06 ඉඳලා රෑ අපි නිදාගන්න 10 වෙනකල් විදුලි පරිභෝජනය අඩුකරන්න,අපි කාලයක් අඳුරේ ඉඳලා තියෙන මිනිස්සු. ලයිට් කපපු කාලෙක ජීවත් වෙච්ච මිනිස්සු. ඒ කාලෙ අපි ලයිට් නැති වෙලාවට භාවිතා කරපු තාක්ෂණික උපකරණ ටිකක් අපේ ගෙවල්වල තියෙනවා. ඒ ටික අපි පාවිච්චි කළොත් අපිට පුළුවන් මේ පීක් ඩිමාන්ඩ් එක යම්කිසි ප්‍රමාණයකට අඩුකරගෙන ශක්තියක් වෙන්න” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top