/ Nov 02, 2026

‘මව්බිම’ අරගලය ඇරඹේ!

මව්බිම හා සිලෝන්ටුඩේ මාධ්‍ය සේවකයන් සංවිධානය කරන විරෝධතා හමුව හා අස්සන් එකතුකිරීම හෙට(3) උදේ 9.30ට කොළඹ 7, රොස්මීඩ් පෙදෙසේ පිහිටි එම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇතැයි මාධ්‍ය වෘත්තික ආරංචිමාර්ග සඳහන් කරයි.

වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාදය, සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම ඇතුළු පාලනාධිකාරියේ කම්කරුවිරෝධී පිළිවෙත් හා කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ගැන මෙහිදී සාකච්ඡාවට ලක්වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කම්කරු කොමසාරිස්වරයාට දැනටමත් මේ ගැන පැමිණිලි කර ඇති අතර එම මාධ්‍ය සංවිධාන නියෝජිතයන් ද මෙහිදී අදහස් දක්වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top