කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස් සැරයන්වරයා මෙම මස 12වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙඅන ඊයේ (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.
ඒ අනුව, අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහෙස්ත්‍රාත්වරිය විසින් උක්ත නියෝගය ලබා දී තිබේ.





