/ Aug 03, 2026

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්!

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි අගෝස්තු මස 5 වන දින පස්වරු 1 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙයි.

මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය, ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමේ අවදානම් හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්මාගේ, ගඟඉහළ කෝරළය, පම්බාගේ කොරළේ, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙම මහ ගංවතුර තත්ත්වය පිළිබඳ අවදානම් නිවේදනය නිකුත් කර ඇත.

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top