/ Aug 03, 2026

කඩුගන්නාව සහ ගනේතැන්න මාර්ගය වසා දමයි /හැටන් – කොළඹ දියගලින් අවහිර වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයට පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වෙයි.

මාර්ගයට පතිත වූ ගල් සහ පස් හේතුවෙන් මහනුවර, කොළඹ සහ නාවලපිටිය වැනි නගර කරා ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරන් ද දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය විවෘත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අවහිරතා ඉවත් කරන තෙක් පවතින අවදානම සලකා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top