/ Aug 08, 2026

පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා – සජිත්

මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බවත් 30-40% අතර ප්‍රමාණයක් රටේ දුප්පතුන් වී ඇති නිසා ආර්ථිකය වර්ධනය හරියට සිදු නොවන බවත්, බඩු මිල වැඩි වීම රැකියා අහිමි වීම වැනි දේවල් නිසා පීඩනය අසහනය තුළින් ජනතාව අන්ත අසරණ ජීවිතයක් ගත කරන බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු මාලාව වත්මන් රජය ඉදිරිපත් කළත් දැන් ඒ පොරොන්දු මාලාව වෙනුවට වත්මන් රජයේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගරු අධිකරණයේ ස්වාධිනත්වය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය පසිදලීම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළ යුතු වුවත් වත්මන් රජය ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමම යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කිරීම බවත් යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය විනාශ කර නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කර දැමීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (8) ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට සහ දහම් පාසල් ගොඩනැගිල්ලට අවශ්‍ය සෙවිලි තහඩු පූජා කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.

තවමත් සැබෑ සතුටකින් ජන ජීවිතය ගත කරන්න ජනතාවට නොහැකි වී ඇති බවයි ඔහු කියාසිටියේ.

ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම නිසා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය නොවූවත් ගරු අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල වී ඒකාධිපතීත්වයක් ආඥාදායකත්වයක් හා හෙතෙම අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top