පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රන්දවුම්භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජූනි මස 04 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙන ලදී.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය ඇතුළු විපක්ෂයේ කනයම් එක්ව සලේ නිදහස් කරන ලෙස බල කරමින් පිටකොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේය.






