වෙඩි වැදී ඇති බව කියන අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීම සඳහා ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත විශේෂ හමුදා කණ්ඩායමක් අදාළ ප්රදේශයට පිටත් කර යවා ඇතැයි පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා පවසයි.
අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්රධාන අරමුණ බව ද අමාත්යවරයා සඳහන් කළේය.
වන අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් අදාළ රාජ්ය ආයතනවල සහයෝගයෙන් අග්බෝ ඇතා සොයා ගැනීමට අවශ්ය කටයුතු සිදු කෙරෙන බව ද පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පැවසීය.





