දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
එම සමාගමේ සභාපති ප්රදීප් ප්රියදර්ශන පැවසුවේ අදාළ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අමාත්යාංශයට යොමු කරන බවයි.
අදාළ වාර්තාව මගින් අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්ය පියවර නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙයි.
විදුලි සම්ප්රේශණ පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයක් හේතුවෙන් ඊයේ (17) දහවල් 11.45ට පමණ දිනයින පුරා ප්රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවූ අතර විදුලි පද්ධතිය සාමාන්යකරණය කරමින් විදුලි සැපයුම දිවයින පුරා යථා තත්ත්වයට පත් කිරීමට රාත්රී 10.00 ආසන්න වී තිබුණි.





