/ Mar 14, 2025

දරුණු මග අනතුරක් : 12ක් රෝහලේ!

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 12 දෙනෙකු තුවාල ලබා කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර තුවාල කරුවන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top