E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාව විසින් හඳුන්වා දුන් සෘතුමය සේවක වැඩසටහන ශ්‍රී ලංකාව තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයට අනුව, දකුණු කොරියානු රජය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ සෘතුමය සේවක වැඩසටහන හඳුන්වා දී ඇත්තේ තම රටේ කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්‍රයේ ශ්‍රම හිඟයට පිළියම් යෙදීම සඳහා ය.
එමගින් දකුණු කොරියාවේ පළාත් සභා ආයතනවලට කෙටි කාලීනව නීත්‍යානුකූලව විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවස්ථා ලබා දීම සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව ඇති කර ගැනීම සඳහා දකුණු කොරියාවේ පළාත් සහ මහ නගර සභා (ප්‍රාන්ත) විසින් එකඟතාවයක් ප්‍රකාශ කර තිබේ.
යෝජිත නියමු ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වසර 3ක උපරිම කාලයක් තුළ වාර තුනක් (3) දක්වා සේවය කිරීමට සුදුසුකම් ලබයි.