පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කතානායකවරයා අද (21) නිවේදනය කළේය.
නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත්ගේ සහ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ අතර මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව කතානායකවරයා වැඩිදුරටත් නිවේදනය කරනු ලැබීය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද කතානායකවරයා නිවේදනයක් සිදු කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.