/ Jun 29, 2026

පොසොන් පුරපසළොස්වක පොහොය අදයි!

ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීම ඇතුළු බෞද්ධාගමික කරුණු කාරණා රැසකින් සමන්විත පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

මීට වසර 2300කට පමණ පෙර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාවට වැඩම කර, මිහින්තලාවේදී දේවානම්පියතිස්ස රජතුමා හමුවී ධර්මය දේශනා කිරීම අද වැනි දිනක සිදුවී ඇත.

මේ නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථානය සහ මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ඊට සමගාමීව, දිවයින පුරා පිහිටි සියලුම විහාරස්ථානවල අද අලුයම සිටම ශීල ව්‍යාපාර සහ ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් පැවැත්වේ.

එසේම, පොසොන් දිනය වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක දන්සල්, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශන ද සංවිධානය කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක අංශ විසින් අනුරාධපුරය ඇතුළු ප්‍රධාන පුදබිම් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත සහ රථවාහන සැලසුම් ද ක්‍රියාත්මක කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top