/ Mar 13, 2025

රජයේ තීරණවලට පස්ස හරවා වාහන ගෙන්වීමේ තැතක්!

vehicle import

ර‍ජය විසින් පනවා ඇති වාහන ආනයනය කිරීමේ සීමාව උල්ලංඝනය කරමින්, 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට එක්තරා සමාගමක් උත්සාහ කරන බවට ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳ සංගමය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ද ලිඛිත පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ආනයනකරු වාහන තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා වගකිව යුතු ජපන් ආයතන තුනකට නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සකස් කරන ලෙස බලපෑම් කරමින් සිටින බවත් එම පැමිණිල්ලේ දැක්වෙයි.

ඒ අනුව ගතවූ සතියේ අවම වශයෙන් එවැනි වාහන 150 ක් ව්‍යාජ දිනයන් භාවිතා කරමින් ආනයනය කර ඇති බවට ඔවුන් චෝදනා එල්ල කරයි.

කෙසේ වෙතත් රජය අවසර ලබා දී ඇත්තේ 2023 ජනවාරි 15 ​​න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය සඳහා පමණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top