/ Apr 20, 2025

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි

sri lanka criccket

දේශීය ක්‍රිකට් ක්‍රීඩක සංචිත ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩසටහනේ කොටසක් ලෙස 2025 දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවාරය සඳහා ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් පොරොන්දු වූ අයුරින් පළමු පෙළ ක්‍රීඩකයින් ව සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස මෙය සිදු කර ඇති අතර, ක්‍රීඩකයින් 45 දෙනෙකු A, B, C සහ D ලෙස කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කරමිනුයි මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කර තිබෙන්නේ.

A කාණ්ඩය
ධනංජය ලක්ෂාන්, ළහිරු මදුශංක, නිපුන් රන්සික, ශෙවෝන් ඩැනියෙල්, අහන් වික්‍රමසිංහ, නිරෝශන් දික්වැල්ල, ඉසිත විජේසුන්දර, නිමේශ් විමුක්ති, තරිඳු රත්නායක, නිපුන් ධනංජය, නිසල තාරක, කමිල් මිශාර, අශේන් බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, වනුජ සහන්, ලසිත් කෲස්පුල්ලේ, විශාද් රන්දික, දිනුර කළුපහන, ලසිත් ඇඹුල්දෙනිය

B කාණ්ඩය
සනෝජ් දර්ශික, කවිශ්ක අංජුල, දිළුම් සුදීර, අශේන් ඩැනියෙල්, රොන් චන්ද්‍රගුප්ත

C කාණ්ඩය
කවීන් බණ්ඩාර, මුදිත ලක්ෂාන්, රවිඳු රශාන්ත, තනුක දාබරේ, මොහොමඩ් ශමාස්, ජනිශ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, සහන් කෝසා, ශම්මු අශාන්, දුවිඳු තිලකරත්න

D කාණ්ඩය

නලින් ප්‍රියදර්ශන, T.M.සම්පත්, චානක කොමසාරු, රොශාන් විජේනායක, ගයාන් මනීශාන්, Roscoe Thattil, නිපුන් කරුණානායක, ඉරෝශ් සමරසූරිය, දුශාන් විමුක්ති, ලක්ෂාන් සඳකැන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top