බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.
එසේම ඉදිරි නීතිමය පියවර සඳහා මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට කරන බවත් වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් කළේය.
සියල්ලන්ගේම අවබෝධය පිණිස මෙම බටලන්ද කොමිෂන් වාර්තාව සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.